Loading

Loading...

දුම්බර මිටියාවතේ පස් මුදුන් කදු තරණය

ලංකාවේ පෙනහලු බදු වු දුම්බර මිටියාවත් නොහොත් නකල්ස්, මහවැලි ගං කොමලියගේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි.යහන්ගල, කෙහෙල්පත්දොරුව, තුන්තිස්ගල,කිරිගල්පොත්ත ඇතුලු දුම්බර කදු වැටි ගොන්න අපගේ නෙත් සිත් පැහැර ගනු ලබන කදු වැටි වේ,එයින් දුම්බර ප්‍රදේශය ,නකල්ස් නමින් හැදින්වීමට හේතු වුවා යැයි සැලකෙන,,හැඩයෙන් නකල් එකක් හා සමාන කදු මුදුන් පහකින් සමන්විත, five peaks නොහොත් පස් මුදුන් කදු තරණය මොරටු කදු නගින්නන් වු අප ලහි ලහියේ සුදානම් වුයේ, එකවිට කදු මුදුන් පහක් තරණය කිරිමේ, දුර්ලභ අවස්ථාව ලබා ගැනිමටයි.

උදෑසන අධික වර්ෂා මැද අලුයම 2.30 ට පමණ කටුබැද්දෙන් පිටත් වු අප කොට්ටාව කඩවත හරහා නුවරට පැමිණ උදෑසන 6.45 ට පමණ දිගන නැවතුනේ, අපගේ උදෑසන ආහාරය ලබා ගැනිමටයි ,එහිදි අපගේ ඉල්ලිම පිට පෙර දින පැමිණ, නකල්ස් වනයට පිවිසිමට අවසර ලබා ගත් මඩ්ඩා අප හා එක් විය.

එතැන් සිට වත්තෙගම හරහා බඹරැල්ලට පැමිණෙන විට උදෑසන 8ට පසු වි තිබුනි.එතනින් HS අයියාගේ සුපුරුදු කරුණු පැහැදිලි කිරිමෙන් පසු කණ්ඩායම් 5කට වෙන්වි,උදෑසන 8.30 ට පමණ බඹරැල්ල කුඩා ගම්මාන හරහා කදු නැගිම ආරම්භ කල අතර තේ වතු මැදින් ඇදි ගියා ඒ ගම්මානය අති සුන්දර ය.ග්‍රාමීය මාර්ගය හැර අප දුම්බර නාම පුවරුව අසලින් අඩි පාරට පිවිසි අතර එයින් පසු මිනිත්තු කිහිපයක ගමනකින් අපර නකල්ස් ඇල්ල හමුවිය.අපට කාලය හරස් වු බැවින් , එහි නොනැවතී , අප නැවත් ගමනාරම්භ කල අතර ජල පහරවල් සේම කූඩලු ප්‍රාහාර වලද නිමක් නොවිය.

අවසාන ජල පහරින් ජලය පුරවා ගත් අප,කෙමෙන් ඉදිරියට ඇදුනේ,ලිස්සමින්,කුඩලු ප්‍රාහාර විදිමිනි, මාර්ගය කොටස් දෙකකට බෙදුනු අතර අප තොරා ගත යුතුව තිබුනේ වම් පැත්තට පැවති මාර්ගය යි.අනෙක් මාර්ගය තංගප්පුවෙන් five peaks තරණය කළ හැකි මාර්ගය බව පසුව දැන ගන්නට ලැබුනි.එතැනින් හරි මාර්ගයේ, ඉදිරියට ඇදුනු අප මාර්ගයේ ලිස්සන සුලු ස්භාවය අපට අපහසුතා ඇති කලේ අනුකම්පා රහිතවයි. මිහිදුම් සේලය, අපට කිසිම විටක අවස්ථාක් නොදුන් අතර විටෙන් විට ඇද හැලූනු වර්ෂාව නිසා කුඩලු සතුරන්ද උදම් ඇනිය.

කෙසෙ හෝ පැය 4ක ගමනකින් පසු පළමු මුදුනට පිවිසි අපට හිරු සිය රැස් මදක් විහිදා අපගේ වැයම අගය කරන ලදි,නමුත් ක්ෂණිව මිහිදුම් වසා ගන්නා ලදි .එතැනින් නැවතත ලිස්සමින් පල්ලම් බැස නැවත නැග්මකින් දෙවන නොහොත් උසම මුදුනට පිවිසියේ කුඩැල්ලන්ට රස ආහර කවමිනි.

එතැන් සිට පැහැදිලි අඩි පාර ඔස්සේ තුන්වන මුදුනට පිය මැන්නේ, බඩ ගාන තරමටය එයට හේතුව වුයේ, ඉතා වේගයෙන් හමන සුළං ධාරා වලින් බේරෙමට ඇති අවශ්‍යතාවයයි.

පලමු දෙවන ,තෙවන මුදුන් වලිදි එක ලෙස සුළගින් පිඩා ලැබුනද වට පිටාව දැක ගැනීමට අප පිං කර නොතිබිණ.කිමද මිහිදුම් ,සිය සේලය කිසිම විටක හකුලුවා නොගත් බැවිනි.

මේ වන විට සවස 2.30 පමණ වී තිබු අතර සතරවන මුදුනට යාමේ සිහිනය බොද විමට එය හේතු විය. ආපසු හැරුණු අප එම මාර්ගය ඔස්සෙම පහලට බැස ගත්තේ පාද වලට වඩා පශ්චාත් භාගය භාවිතා කරමින්‍ ය.

නකල්ස් ඇල්ලේ පහස විදගත් අප,බඹරැල්ලට පැමිණ සාරි ඇල්ලද දැක බලා ගෙන සාරි ඇල්ලෙන් ගලා හැලෙන සීත දිය දහරෙන් ගත පිරිසිදු කොට රාත්‍රි 7.30 ට පමණ බඹරැල්ලට සමු දුන්නේ,ලෝභ සිතිනි. මොරටු කදු නගින්නන් කටුබැද්දට යද්දී හරිතා සහ මඩ්ඩා සමගින් මා නුවරින් බැස ගත්තේ නොසන්සිදෙන කදු ගාය ඊලග දිනයටත් යොමු කරමිනි.

කේසෙ හෝ මදක් අසීරු කදු තරණයක් වන මෙය, පරිසමෙන් කල යුතු බවත් අවසර සහිතව කළ යුතු දෙයක් බවත් මහවැලියේ ජල පෝෂකය මතු පරපුරටත් ආරක්ෂා කළ යුතු බවත් මතක තබා ගත යුතුය.

-පොලියා-

2064 5
Created : Nov 18, 2019 12:25pm
Last updated : Mar 28, 2024 02:54pm

Nawodani Jayasooriya

November 11th, 2019 - 4:03AM

keep it up

acuafovanokel

August 8th, 2020 - 7:41PM

http://mewkid.net/when-is-xuxlya/ - Amoxicillin 500 Mg <a href="http://mewkid.net/when-is-xuxlya/">Amoxicillin</a> mgo.yeyx.morahiking.com.ygo.wa http://mewkid.net/when-is-xuxlya/

osasopezaoh

August 8th, 2020 - 8:19PM

http://mewkid.net/when-is-xuxlya/ - Buy Amoxicillin <a href="http://mewkid.net/when-is-xuxlya/">Amoxicillin Online</a> aav.qqhy.morahiking.com.ylq.uv http://mewkid.net/when-is-xuxlya/

Keywheque

June 6th, 2022 - 3:11AM

https://newfasttadalafil.com/ - generic cialis for sale Prices Publix Viagra <a href=https://newfasttadalafil.com/>cialis generic tadalafil</a> Cialis Soft Achat Online Vbsthv https://newfasttadalafil.com/ - Cialis tranquilizer

Engigetet

July 7th, 2023 - 1:08PM

Further evidence has shown that appropriate administration of high sodium loads may mitigate the apparent risk of developing CPM <a href=https://vardenafil.one>levitra se vende sin receta</a> This period coincided with the expanded use of testosterone and its steroid drug derivatives in sports doping