Loading

Loading...

එදා... අද..?

යළිත් යමි තරණයට

බොහෝ කලකට පසුව

ළමා කල අපි නැඟ බලා

නෙක රුසිරු විදි කඳුමුදුනට

එදා අපි හති දමමින්

මුදුනටම නැඟගෙන

විහග නෙත් කෝනිකව

උරා රස බිව්වෙමු

පහළ ගම්බිම්වල සජීවි සිතියම්

ලොව උසම කඳු මුදුනට

නැඟගත් කල්හි මෙන්

සියුම් භීතියකින් මත්ව

කිතිකැවිනි අප දෙපතුල්

මල් මැද රේණු පීරා

රොන් සොයන බිඟු මෙන්

කදුහිස තණ පලස පීරා

එකතු කළෙමු අත්දැකීම්

ළය පුරා පුරෝගෙන

කැළෑ මල් පිස එන

සුගන්ධය මුසු මදනල සමඟ

පා කළෙමු උඩු ගුවනටම

අපි අපේ සරුංගල් සිත්

නෙක රස මතක හිත දරා

කරුණා කළද

කඳු හිස නැවත අතරමං වුනෙමු

සොයාගත නොහී එදා

විදි ඒ මතක කඳු හිස එකෙනෙහිම

සියලු රස මතක සුන් වී

සිතුණි ගැඹුරුම තැනින්

මේ මොන කජ්ජක්දැයි

එදා අප රසවිද

හදමතක තුළ නිදන්ගතකල

ඒ මතක මී කැට

කළුගල් කොබොක් ගල්

උනිද...? නොමැතිව

රසවිදින්නට ඉසිඹුවක්....

Created : Jun 1, 2020 02:45pm
Last updated : May 1, 2024 09:18pm